උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 16 February 2020

කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000/- ක් දක්වා වැඩි කොට ලබාදීමට රජය පියවර

කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000/- ක් දක්වා වැඩි කොට ලබාදීමට රජය පියවර ගෙන
ඇති බවත්, ඒ සදහා වු අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපය තුලදි වතු සමාගම් සමග අත්සන් කරනු බලන බවත්
ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා පැවැසීය.
ආගරපතන, ඩයගම, නට්බෝන් ප්‍රදේශයේදි අද (14) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එසේ කීය.
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කොට ඉඳි කරන ලද ඩයගම,
නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි. එහිදී තව
දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.
“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්ව විදිහටම වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු
කොට තිබෙනවා. පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියා ඔවුන්
රැවට්ටුවා. වතු කම්කරුවන්ට බොරු කීවා. වතුකරයේ එම ඇමැතිවරුන්ට වතු කම්කරුවන්ට වැඩි කරන ලද රුපියල් 50
ක වැටුප පවා දුන්නේ නැහැ. දෙන්න බැරි උනා. කියන දේ කරන කරපු දේ කියන අයයි මේ රජයේ ඉන්නේ. ඒ නිසා
අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ගේ රුපියල් 1000/- වැටුප් වැඩි කිරීම මාර්තු මස සිට අපි වතු කම්කරුවන්ට ලබා දීමට
පියවර ගන්නවා” යයි කීය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot