උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 28 February 2020

මළ සිරුරක් අදාහනය කිරීම සම්බන්ධයෙන් යාපනයේ නොසන්සුන්තාවයක්

මළ සිරුරක් අදාහනය කිරීම සම්බන්ධයෙන් යාපනයේ
නොසන්සුන්තාවයක්.

යාපනය,පුත්තූර්,කින්දුපිට්ටි හින්දු සුසාන භූමියේ මෘත ශරීරයක් අදාහනය කිරීම
සම්බන්ධයෙන් ඊයේ(27) සවස යාපනය ප්‍ර දේශයේ නොසන්සුන්කාරි තත්වයක් හටගත්
බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
ප්‍රදේශවාසීන් පැවසූවේ සුසානය තුළ මෘත ශරීරයක් ආදාහනය කිරීම වෙනුවෙන් පිරිසක්
මළ සිරුරක් රැගෙන ඒමත් සමඟ නොසන්සුන්කාරි තත්වය හටගෙන ඇති බවයි.
යාපනය,පුත්තූර් කලෙයිමදි ගම්මානය මධ්‍යයේ පිහිටි සුසානය තුළ සුසානයක් මීට වසර
ගණනාවකට පෙර පැවති අතර, වර්තමානයේදී සුසාන භූමිය අවට ප්‍රදේශයේ නිවාස
ඉදිකොට ඇති බව ප්‍ර දේශවාසීන් පවසති.
සුසානය ආසන්නයේ නිවාස ඉදිකිරීමත් සමඟ සුසානය තුළ ආදාහන කටයුතු සිදුනොකර ඇති
අතර, ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුර අදාළ සුසාන භූමිය තුළ ආදාහනය කිරීමට
රැගෙනඒමත් සමඟ සුසාන භූමිය අවට පදිංචිකරුවන් හා මළ සිරුර රැගෙන පැමිණි පිරිස
සමඟ නොසන්සුන්කාරි තත්වය හටගෙන තිබිණ.
මීට පෙරද අදාල සුසානය තුළ මළ සිරුරු අදාහනය කිරීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන
ඇති අතර, ඒ සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් අධිකරණයේද අධිකරණ ක්‍රියාවලියක්
සිදුවන බවද ප්‍රදේශයේ ජනතාව පැවසූහ.
මළ සිරුර අදාහනය වෙනුවෙන් රැගෙනඒමත් සමඟ ඇති වු නොසන්සුන්කාරි තත්වය පාලනය
කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා පොලිස් කැරලි මර්දන ඒකකයද

කැදවීමට සිදුවු බව අච්චුවේලි පොලිසිය පැවසීය.පොලිසිය පැවසූවේ ඇති වු
නොසන්සුන්කාරි තත්වය සමඟ ගැටුමක් හටගෙන ඇති අතර, ගැටුමට සම්බන්ධ පුද්ගලයින්
සිව් දෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසූහ.
අත්අඩංගුවට ගත් පිරිස යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ
පවත්වයි.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot