පූජිත විශ්‍රාම යන්න ලෑස්තියි. පොලිස්පති පුටුව කාටද ?
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහගේ සේවා කාලය ලබන මාර්තු 15 න් අවසන් වීමට නියමිතයි. ඒත් සමඟම පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව මෙතෙක් බැඩබලන පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිදූරයට තෝරා ගැනීමට සුදුසුකම් සපුරාලන නිලධාරීන්ගේ ලේඛණයේ ඉදිරියෙන්ම සිටින අතර, ඔහුට පසුව සඳහන් වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතායි. දැනට ඔහුද වැඩ තහනමට ලක්ව සිටිනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබේසිරි ගුණවර්ධන, නන්දන මුණසිංහ, ෆ්රෑන්ක් ප්‍රනාන්දු, රවී විජේගුණවර්ධන, රෝෂන් ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරින් ද එම ලේඛණයේ සිටින බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි සඳහන් කළා.
No comments:
Post a Comment