ජිනීවා ගෙනයන යෝජනා මෙන්න.
හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ජිනීවා නුවරදී අනිද්දා ආරම්භ වීමට නියමිතයි. එම සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවා. ඒ අනුව 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී 30/1 හා 2017 වසරේ මාර්තු මස අංක 34/1 දරන යෝජනා හා ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය යනුවෙන් 2019 වසරේ මාර්තු මස අංක 40/1 දරන සම්මත වූ යෝජනාවල සම අනුග්‍රහකත්වයෙන් ඉවත්වීම පිළිබඳ යොජනාව ද රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ වෙනුවට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ විමර්ශන වාර්තා, සමාලෝචනය කිරීම සඳහා හා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කරන බව දැනුම් දීමට රජය තීරණය කර තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාමයන් ඔස්සේ, විසඳී නොමැති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය තැන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම රජයේ තවත් අපේක්‍ෂාවක්. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිසක් මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට නියමිතයි.
No comments:
Post a Comment