උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

විදුලි කප්පාදුවක් සිදුවන්නේ නෑ.

 විදුලි කප්පාදුවක් සිදුවන්නේ නෑ.

රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(13) අවධාරණය කළේය.
අද පෙරවරුවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුණර්ජනනීය විදුලිබලය සම්බන්ධව පවත්වන ලද ජාතික සමුළුව කොළඹ පුද්ගලික හෝටලයක දී පැවැත්විනි.
ඊට ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලිබල හා බලශක්ති , ප්‍රවාහණ සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර  මහතා සහභාගි විය. 
එමෙන්ම ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස්  විනෝද් කේ ජාකොබ් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම දිනවල පවතින දැඩි නියග තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත බැස තිබෙන අතර ඩීසල් හා ගල් අගුරු තාප බලාගාර ආශ්‍රිත විදුලිය නිෂ්පාදනය සියයට 68 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 
සුළං හා සූර්ය බල ආශ්‍රිතව විදුලිය උත්පාදනය සියයට 02 දක්වා පවතින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
විදුලිබල අර්බුදයක් පැවැතියත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා මේ වනවිටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සියලුම පියවර ගෙන ඇත.  
රුපියල් 24ක් වැනි මුදලක් වැය කර මිල දී ගන්නා විදුලි ඒකකයක් මහජනතාවට රජය විසින් ලබා දෙන්නේ රුපියල් 16ක් වැනි අඩු මුදලකටය. 
එමෙන් අප රටේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට විදුලිය ලබා දෙන්නේ ඒකකයක් රුපියල් 2.60ක් වැනි ඉතාමත් අඩු මුදලකටය.
විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවත් විදුලි බිල ඉහළ දැමීමට රජය අදහස් නොකරන අතර 2023 වනවිට නව බලාගාර කිහිපයක් ආරම්භ කිරීම මගින් තවදුරටත් විදුලි මිල අඩු කර මහජනතාවට ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot