යොවුන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම නිමා වෙයි.
ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4 න් අවසන් වුණා. ඡන්ද විමසීමෙන් අනතුරුව අදාල ඡන්ද මධ්‍යස්ථානවලදීම ඡන්ද ගණන් කිරීම සිදුකර යොවුන් මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගත් බවයි ජාතික තරුණ සේවා සභාව පැවැසුවේ. පෙරවරු 8 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලදී යොවුන් පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඉතා සාමකාමීව සියළු කටයුතු සිදු කෙරුණු බවයි ජාතික තරුණ සේවා සභාවේ මැතිවරණ මෙහෙයුම් නිලධාරී චන්ද ගුණරත්න මහතා වී එෆ් එම් ප්රවෘත්ති වෙත සඳහන් කළේ.
මන්ත්‍රි ධුර 334 ක් මේ වන විට තොරා පත්කරගෙන අවසන්. ඒ සඳහා ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් ගණන 1060 ක්. විද්‍යුත් ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්වීමද මෙවර යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ විශේෂත්වයක්.
No comments:
Post a Comment