පොලිස් කොස්තාපල්ගේ අනියම් බිරිඳටත් මාංචු.
කඩවත පොලිස් ස්ථානාධිපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් බිරිඳ සහ ඇගේම ඥාති දියණියක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම අදාල ඥාති දියණිය සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හදුනාගෙන ඇති මංජු යන අයගේ බිරිඳ බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර සිද්ධිය සම්බන්යෙන් අත්අඩංගුවට ගෙන සිටින බන්ටි, සුද්දා යන අය ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පැය 48 ක කාලයක් රඳවා තබා ගනිමින් ප්රශ්න කිරීම සඳහා අධිකරණය පොලිසිය වෙත අවසර ලබාදී තිබෙනවා.
අදාල පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනය සැලසුමකට අනුව සිදුකරන ලද්දක් බව පොලිසියේ සැකයයි. අදාල කොස්තාපල්වරයාගේ මලසිරුර ධින 05 ට පසුව ඊයේ සොයා ගත්තේ පන්නල ප්රදේශයේ ලදු කැලෑවත් තුළ දමා ගොස් තිබියදීයී. එමෙන්ම මෙම පැහැර ගැනීම සඳහා යොදා ගත් ත්රිරෝද රථයද එම ප්රදේශයේ නිවසක දමා ගොස් තිබියදී පොලිසිය විසින් සෙයා ගත්තා.
No comments:
Post a Comment