උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 26 February 2020

පොහොට්ටු සන්ධානය තවත් තර වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාද ඊට සහභාගි වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

දැනට ප්‍රධාන පක්ෂ නවයක ප්‍රධානත්වයෙන් සන්ධාන ගතව ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සන්ධානය තුලට නව දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාවට විධායක සභාව මෙහිදී අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, දමිළ මහජන විමුක්ති සංවිධානය, එක්සත් මහජන පක්ෂය යන පක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇති.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot