මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් සොයාගත් සමූහ මිනිවළ ආරක්ෂා කරන දෙන ලෙසත් අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලීම් කරමින් මන්නාරම අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ(25) මන්නාරම නගරයේ විරෝධතාවයක නිරතවිණ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් මෙරට නියෝජිතයින් පැවැත්වු පරීක්ෂණ පිළිගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට තිබු කාමරයේ දොරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට තැබීම් සම්බන්ධයෙන් තමන්ට පිළිගැනීමට නොහැකි කරුණු රාශියක් පවතින බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.
මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2018 මාර්තු 26 වැනිදා පළමු වරට තොරතුරු වාර්තා වු අතර, සමූහ මිනිවළ සම්බන්ධයෙන් දින 156 ක් කැනීම් කළ අතර,සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 342 ක් මතුකර ගැණින.
එයින් මිනිස් සිරුරු 330 ක් ගොඩගත් අතර, ඒ තුළ කුඩා ළමුන් 30 දෙනෙකුගේ සිරුරද පැවතිණ.
සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඇමරිකා ෆ්ලෝරිඩා කාබන් රසායනාගාර වාර්තා ලැබීමේන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු 2019 මාර්තු 07 වැනිදා තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණ.
දත්තසමූහ මිනිවළ තුළ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර කාලයකට අයත්වන බව කාබන් පරීක්ෂණ වාර්තා තුළින් අනාවරණය වන බව දත්ත විශ්ලේශකයින් පැවසූහ.
මන්නාරම අධිකරණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා හා කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.
මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ අදාළ අස්ථි කොටස් යුධ සමයේ අතුරුදහන්වූවන්ගේ වන බවයි.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ අදාළ සිදුවීම තුළින් සමූහ මිනිවළ තුළින් ලබාගත් අස්ථි කොටස් හා පුරාවිද්‍යා අගයක් සහිත හමුවු කොටස්වල වෙනසක් සිදුව ඇතිද යන්න සම්බන්ධයෙන් සැකපයක්ද පවතින බවයි.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වැඩිදුරටත් පැවසූවේ සමූහ මිනිවළ පවතින ස්ථානය ඉතා අනාරක්ෂිත තත්වයක පවතින අතර,ඒ තුළින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඉදිරියේදී සත්‍ය තොරතුරු ලබා ගැනීමට නොහැකිවිය හැකි බවයි.
විරෝධතාවය වෙනුවෙන් මන්නාරම සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
No comments:
Post a Comment