විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි.
පසුගිය ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය සපයන ලද යෝජනා දෙකකින් ඉවත්වීමට වත්මන් රජය ගෙන ඇති තීරණය එහිදී ඔහු විසින් ප්‍රකාශයට පත්කරනු ඇති.
ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කල වාර්තාව හෙට දිනයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
අනතුරුව එම වාචික කරුණු දැක්වීම්වලට ද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන සිකුරාදා ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ලේ හමුවීමට නියමිතයි.
මෙම සංචාරය තුළදී දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා ඇතුළු පාර්ශව කිහිපයක් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පිළිතුරඉදිරියට
|
No comments:
Post a Comment