පුළුල් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් අද තීරණය කළා. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා අද ගුරුවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූ අතර, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඔවුන් විරෝධතාවකද නිරත වුණා. එහිදී අධ්‍යාපන ඇමතිවරයා හෝ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පැමිණ යම් විසදුමක් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එවැන්නක් සිදු නොවූ බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසුවේ.
එබැවින් හෙට සිට අමතර රාජකාරීවලින් ඉවත්වීමටත්, මාර්තු 16 දා සිට දින පහක අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමටත් ගුරු සංගම් තීරණය කර තිබෙනවා.
No comments:
Post a Comment