උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 26 February 2020

ජිනීවා කොන්දේසි කිහිපයකින් ලංකාව ඉවත් වෙයි.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින්.

30/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඇමතිවරයා පැවැසුවේ.  මෙම යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම තුළින් පසුගිය රජය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවා.
විනාඩි 20 කට වැඩි කාලයක් මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ සම අනුග්‍රාහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. 
මෙරට සංහිදියාවේ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් අනතුරුව රජය සිදුකරන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලයහමුවේ දැනුම් දී ඇත. 
මේ අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් මහත්මිය හෙට දිනයේ මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිත අතර එහිදී ඇය ශ්‍රී ලංකාවපිළිබඳ වාචික ප්‍රතිචාර දැක්වීමට නියමිත බව සඳහන්. 
ඊට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. 
ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා ගොස් සිටින අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිස එළඹෙන සිකුරාදා මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලෙට් මහත්මිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. 

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot