උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 

ඉකුත් රජය සමයේ රාජ්‍ය නිලධාරීන් විසින් මුහුණ දුන් දේශපාලන  පළිගැනීම් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන පරීක්ෂණ කොමිසමට පවරා දී තිබෙන ඇතැම් නිත්‍යානුකූල නොවන බලතල තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

 එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පලි ගැනීම් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිසමක් පත්කර ඇති බවයි.

එම පරීක්ෂණ කොමිසම වෙත දැනට අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු වලට මෙන්ම විමර්ශන කටයුතු වලට මැදිහත් වීම් සිදු කිරීමට හැකිවන ආකාරයේ ඇතැම් බලතල පවරා දී තිබෙන බව පෙත්සම්කරු චෝදනා කළා.

ඒ යටතේ දැනටමත් අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයක සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස දන්වමින් එම පරීක්ෂණ කොමිසම විසින් නීතිපතිවරයා වෙත නියෝග නිකුත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් පවසනවා.

ජනාධිපති පරීක්ෂණ කොමිසමට මෙවැනි බලතල පවරා දීමට නීතිමය හැකියාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා පනතේ විධිවිධානයන්ට පටහැනි බවද පවසනවා.

එබැවින් මෙම ක්‍රියාදාමය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot