උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

පොලිස් කොස්තාපල් ඝාතනයට අනියම් බිරිඳගේ සම්බන්ධයක් - බන්ටිත් හැංගෙයි.


පොලිස් කොස්තාපල් ඝාතනයට අනියම් බිරිඳගේ සම්බන්ධයක් - බන්ටිත් හැංගෙයි.

කඩවත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට ඔහුගේ අනියම් බිරිඳගේ ද යම් සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැල පලකරනවා. ඒ මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇති තොරතුරුවලට අනුවයි. එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් සුද්දා නැමැති අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය පැවැසුවා. මෙම ඝාතනය පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳවක් පැවැත්වූ කාන්තාවගේ පුත්‍රයා විසින් සිදුකර ඇති බවද ඔහු බන්ටි ලෙස හදුන්වන පුද්ගලයෙකු බවද පොලිසිය පවසනවා. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

මීට දින 05 පමණ පෙර පැහැරගැණුනු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයාගේ මලසිරුර පන්නල, බුළුගහවත්තේ කැලෑබද ප්‍රදේශයක තිබී අද සොයා ගත්තා. එහිදී අනාවරණ වී ඇත්තේ වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි. කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයකින් කිලෝමීටර් 100 ක් දුර ගෙනවිත් මෙලෙස ඝාතනය කර තිබෙනවා. එම පැහැරගෙන යාමේදී සැකකරුවන් පොලිස්බල ප්‍රදේශ 10 පසුකර ගොස් ඇති බවයි අනාවරණ වී තිබෙන්නේ. එමෙන්ම සීසීටීවී පරීක්‍ෂාවේදී තහවුරු වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා පැහැර ගැනීම සඳහා හතරදෙනෙකු සහභාගී වී ඇති බවයි.

මේ අතර මෙම පැහැර ගැනීම සඳහා භාවිත කළ බව කියන ත්‍රිරෝද රථයද අද පස්වරුවේ පන්නල, බුළුගහවත්ත ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් නිලධාරියෙක්. ඔහු එක්දරු පියෙකු වන බවද පොලිසිය පැවැසුවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot