උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

කොරෝනා දකුණු කොරියාවෙත් පැතිරෙයි - ලංකික ශ්‍රමිකයින් අනාරක්‍ෂිතද ?


කොරෝනා දකුණු කොරියාවෙත් පැතිරෙයි - ලංකික ශ්‍රමිකයින් අනාරක්‍ෂිතද ?

කොරෝනා දකුණු කොරියාව තුළද සීග්‍රයෙන් පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 160 දෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වී ඇති අතර, අද දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින්         41 දෙනෙකු fඬ්ගු නගරයෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම චෙයැන්ග්ඩෝ නගරයෙන්ද ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව එරට වාර්තා සඳහන් කළා.  එමෙන්ම කොරෝනා අසාධිතයෙකු ඊයේ දිනයේ ජීවිතක්‍ෂයට පත්ව ඇතැයිද දකුණු කොරියානු වාර්තාව දැක්වුණා. මෙම අවස්ථාව හදිසි තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීමටද දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසනවා. මේ වනවිට රැකියා සඳහා මෙන්ම සංචාර සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික පිරිස 25,000 ඉක්මවන බව දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා.

මේ අතර මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 2247 ක්. එමෙන්ම ලොවපුරා පුද්ගලයින් 76,738 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව වාර්තා වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වුණා. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot