උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

සජිත් හදවතින් මැතිවරන සටන අරඹයි.


සජිත් හදවතින් මැතිවරන සටන අරඹයි.

සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා ඔවුන්ගේ නියෝජිත මණ්ඩල අතර, පැවැති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා. එහිදී තීරණය වී ඇත්තේ සමඟි ජන බලවේගයේ ලකුණ පිළිබඳ වැඩිදුර සාකච්ඡාව ලබන සදුදා සිදු කිරීමටයි. රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම තීරණය ප්‍රකාශයට පත්කර ඇතැයිද දේශපාලන ආරංචි පැවැසුවා.

කෙසේ වෙතත් අද දිනයේදී අවසන් තීරණයක් අපේක්‍ෂාවෙන් සාකච්ඡාව සඳහා පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිත පිරිස් තවත් සාකච්ඡාවක් සඳහා කාලය වැය කිරීමට අවශ්‍ය නොවන බව පවසා තිබෙනවා. එබැවින් හෙට සිටම සමඟි ජන බලවේගය, හදවත ලකුණ යටතේ සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

අලියා ලකුණ යටතේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාලව එකඟතාවක් ඇති කර ගැනීම සඳහායි අද දිනයේ ද සාකච්ඡාවක් කැඳවා තිබුණේ. කෙසේ වෙතත් සුපුරුදු පරිදිම එම සාකච්ඡා කල් දැමීමට වඩා දෙයක් සිදු නොවූ බව සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයින් පැවැසුවා. එබැවින් සමඟි ජන බලවේගය යටතේ මහමැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට සිට ආරම්භ කිරීමටත්, අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ නායකයාගේ ප්‍රතිචාර අනුව ලකුණ ලෙස අලියා යොදා ගන්නේද එසේත් නැතිනම් හදවත ලකුණ යටතේ මැතිවරණයට අවතීර්ණ වන්නේද යන්න තීරණය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසේ ස්ථාවරයයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot