උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

හොර වෙදුන්ට දඩුවම් වැඩිවෙයි.


හොර වෙදුන්ට දඩුවම් වැඩිවෙයි.

ව්‍යාජ ලෙස වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරන පුද්ගලයින්ට එරෙහිව නියම කළ හැකි දඩ මුදල රුපියල් 5000 සිට රුපියල් 50,000ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට අමතරව එවැනි පුද්ගලයින්ට වසර 05 ක සිරදඩුවමක්ද නියම කිරීමට අධිකරණය වෙත බලය පැවැරී තිබෙනවා.               නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පැවැසුවේ හොර දොස්තරවරුන් වාර්තාවීමේ සම්භාවිතාව ඉහළ යමින් පවතින බවයි.  එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එකී චෝදනාවන්ට වරදකරුවන් වන පුද්ගලයන්ට ලබාදුන් දඬුවම් සංශෝධනය කිරීමට තීරණය කළ බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව කියා සිටියා.

කිසිදු සුදුසුකමක් නොමැතිව ව්‍යාජ ලෙස වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව වෙත මුදලට ප්‍රතිකාර ලබාදෙන පුද්ගලයින් ගණන 40,000 ඉක්මවන බව පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශ කළා. එම සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා මේ දක්වා ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත් කිරීමට රජය සමත්වී නොමැති බවයි.  


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot