උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 28 February 2020

උපාධිධාරීන් 50,000 ගේ පත්වීම් ලිපි තැපෑලට.

උපාධිධාරීන් 50,000 ගේ පත්වීම් ලිපි තැපෑලට.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි නිකුත් කිරීම අද ආරම්භ කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ පත්වීම් ලිපි නිකුත් කිරීම ජනාධිපති ලේකම්කාර්යාලය විසින් ආරම්භ කර ඇති බවත්, පත්වීම් ලිපිවල පිටපත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කරන බවත් ඇමතිවරයා පැවැසුවා. ලබන මාර්තු 01 සිට 2021 වසරේ මාර්තු 01 දක්වා වසරක පුහුණු කාලයකට යටත්ව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.

පුහුණු කාලය තුළ රුපියල් 20000 ක දීමනාවක් ලබාදෙන අතර, පුහුණුව අවසානයේ රාජ්‍ය සේවය ඵලදායී හා කාර්යාක්ෂම කිරීම සඳහා ඔවුන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කරන බවයි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසුවේ.  එමෙන්ම පත්වීම ලැබෙන ස්ථානයේ පස් වසරක කාලයක් සේවය කළ යුතු බවට නියමයන් පනවා තිබෙනවා. මෙම රැකියා වැඩපිළිවෙල යටතේ රැකියා විරහිත උපාධිධාරීන්  පනස් දහසකට පමණ පත්වීම් ලබාදීමට නියමිතයි. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot