උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව විභාග කිරීමට දින නියම කෙරෙයි



විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව විභාග කිරීමට දින නියම කෙරෙයි

රුපියල් මිලියන හැත්තෑ පහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

 එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

 එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව සැප්තැම්බර් මස 07 වනදා සහ 09 වන දා විභාගයට ගන්නා බවයි.

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂි කරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කළා.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අමාත්‍යවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකයා අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීමකට සහභාගි වීමට නියමිත බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.

මීළඟ නඩු දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින බව ද නීතිඥවරයා දැනුම් දුන්නා.

2010 ජනවාරි මස පළවනදා සිට  2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ඉකුත් රජය සමයේ ගොනු කරනු ලැබුවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot