උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

කර්මාන්ත නැංවීමට කඩිනම් පියවර.


කර්මාන්ත නැංවීමට කඩිනම් පියවර.

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනේනේ විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.   කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයින් සහ කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. නිෂ්පාදනකයින් සහ ආයෝජකයින්  බදු ගෙවීමේදී හා රේගුවේ දී මුහුණපාන ගැටලු මෙන්ම පරිසර ප්‍රශ්න පිළිබඳත් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කළා. විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශ්ව වෙතින් මතු කරන බාධා කිරීම් රටේ අභිවෘද්ධියට බාධාවක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. එමෙන්ම අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණක් බවද එම නියෝජිතයින් සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්ත ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණේ රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවයි. 


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot