හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද දෙවන දිනයේත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වානාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළා.
චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදුකළා.
මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී දෙවන දිනටත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ
අධිකරණය හමුවේ පෙනී සිටි වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ සිතාසි භාර දීම සඳහා කරන්නාගොඩ මහතාගේ නිවසට තමන් දෙවතාවක් ගිය නමුත් ඔහුගේ නිවස වසා තිබූ බවයි.
මේ හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පති වරයා මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට මීළÛ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයාව මාර්ගයෙන් යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළා.
2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්රදේශවල තරුණයින් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
No comments:
Post a Comment