උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020


ගිනි බිසව් ජනපති ලංකාවට.


                ගිනි බිසව් (Guinea Bissau ) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ ( Umaro Cissoko Embalo ) මැතිතුමා කෙටි සංචාරයක් සදහා 2/14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

             එතුමා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටිති .

          ඔවුන් ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

            ඔවුන් ගිනි බිසව් රාජ්‍යයට අයත් විශේෂ ගුවන් යානයකින් 2/14 දින දහවල් 11.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

          මෙම පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .

              මෙම පිරිස ගුවන් යානයෙන් බැස ගත් වහාම කොළඹ බලා පිටත්ව ගියහ .

            මොවුන් 2/14 දින දහවල් 1.30 ට පමණ යළිත් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කුවේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතය .
ඇමිණුම් ප්‍රදේශය

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot