උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 29 February 2020

කොරෝනා අවදානම හමුවේ ද.කොරියානුවන්ට නිවෙසින් පිටවීමත් තහනම්.


කොරෝනා අවදානම හමුවේ ද.කොරියානුවන්ට නිවෙසින් පිටවීමත් තහනම්.

කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට අයි.ඩී.එච් උණ රෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වුණා. ඒ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ සිදුකළ පරීක්‍ෂණවලදීයි. ඉතාලියේ සිට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර සහ රාගම ශික්ෂණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ අයි.ඩී.එච්. උණ රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

ඒ අනුව මොවුන් දෙදෙනාගේ රුධිර සහ ඛේට සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර පරීක්‍ෂණ සිදුකළා. එම වාර්තාවල දැක්වෙන්නේ අදාල පුද්ගලයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවයි.  කෙසේ වෙතත් මෙම පුද්ගලයින් දෙදෙනා තවදුරටත් අයි.ඩී.එච්. උණ රෝහල තුළ රඳවා තබාගෙන ප්‍රතිකාර කිරීමට තීරණය කර තිබෙනවා.  

කොරෝනා වෛරසය මේ වන විට රටවල් 50 ට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර, ආසාධිතයින් ගණන  83,000 ඉක්මවා ගොස් තිබෙනවා. රෝගයෙන් මියගිය ගණන 3000 ට ආසන්නයි. කොරෝනා ආසාදිතයෙකු ප්‍රථමයෙන් වාර්තා වූ චීනයෙන් පමණක් වාර්තා වී ඇති මරණ ගණන 2835 ක්.  එමෙන්ම ඉරානයෙන් පුද්ගල මරණ 34 ක්, ඉතාලියෙන් මරණ 21 ක්, දකුණු කොරියාවෙන් 16 ක්, ජපානයෙන් මරණ 10 ක් සහ හොංකොං සහ ප්‍රංශයෙන් මරණ 2 ක් බැගින් වාර්තාවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ අතර දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3150 ක් දක්වා ඉහල ගොස් ඇති අතර, එරටද චීනයේ හා සමානව රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කළා.  


එමෙන්ම දකුණු කොරියාව සියලු පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ නිවෙස් තුලටම වී කාලය ගතකරන ලෙසයි.  ගතවූ පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක් එරටින් වාර්තා වීමත් සමග දකුණු කොරියානු රජය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.  දකුණු කොරියාවෙන් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 3150ක්. හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ රටට තීරණාත්මක මොහොතකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

මේ අතර නිව් යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත කාන්තා සමුළුවකට නොයා සිටින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මාර්තු මස 09 සිට 20 වෙනිදා දක්වා නිව්යෝර්ක් හිදී පැවැත්වීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සමුළුවට 7000 ට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම මෙම සමුළුව අවම දින ගණනක් තුල සිදුකරන ලෙසද එක්සත් ජාතින්ගේ සංවිධානය උපදෙස් ලබාදී තිබෙනවා.  


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot