සීසීටීවී කැමරා ගැලවූ කැළණි සිසුන් 25 ට දැනෙන දඩුවමක්.
කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබේ.
ඊට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර, CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට ද පියවර ගෙන ඇතැයි මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
No comments:
Post a Comment