උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 26 February 2020

මැතිවරණය අප්‍රේල් 22 ත් මැයි 4 ත් අතර - ආර්ථික අර්බුදයක් ගැනත් මැකෝ කියයි.

ඉදිරි සතිය තුල පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි උපකල්පනය කරමින් ඉදිරි වැඩපිළීවෙල සැලසුම් කරන බව මැතිවරණ කොමිෂම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් ඡන්ද විමසීම අප්‍රේල් මස 22 සහ මැයි මස 04 අතර කාලය තුළ පැවැත්වීමට හැකියාව පවතින බවයි. සිංහල අලුත් අවුරුද්ද සහ වෙසක් පුන් පොහොය යන කාරණා සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මැතිවරණය සැලසුම් කිරීමට සිදුව ඇතැයිද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා.

එමෙන්ම මහින්ද දේශිප්‍රය මහතා සඳහන් කළේ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමේදී මැතිවරණ කොමිෂම බලවත් අර්බුදයකට මුහුණ දී සිටින බවයි. එම තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ රාජකාරී වෙනුවෙන් රාජ්‍ය සේවකයින් වෙත ලබාදිය යුතු ගෙවීම් මේ දක්වා සිදුකිරීමට නොහැකි වී ඇතැයිද ඔහු සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කිරීමේ තත්ත්වයන් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවදානයක් යොමුකරන බවත්, ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් දේශප්‍රිය මහතා පැවැසුවා.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් අහිමිවන අතර, එම ආසන ද්විත්වය මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2019 ඡන්ද නාමලේඛණයට අදාලව ජනගහන සංයුතිය නැවැත ගණනය කිරීමෙන් අනතුරුවයි මෙම සංශෝධනය සිදුකර තිබෙන්නේ.

එමෙන්ම පරාජිත අපේක්‍ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම පිළිබඳ ඇති වී තිබෙන සාකච්ඡාවේ වලංගුතාවය සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා මෙම මාධ්‍ය හමුවේදී අවදානය යොමු කළා.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot