උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

කොරෝනා මරණ 1868 යි - ආසාධිතයින් ගණන 72000 ඉක්මවයි.

කොරෝනා මරණ 1868 යි - ආසාධිතයින් ගණන 72000 ඉක්මවයි.කොරෝනා මරණ සංඛ්‍යාව 1868 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හුබෙයි ප්‍රාන්තයෙන් පමණක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 98 ක්. එමෙන්ම මේ වන විට සමස්ථ ආසාධිතයින් ගණන 71,436 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ අපේක්ෂිත ගෝලීය ආර්ථික වර්ධන වේගය දශම කිහිපයකින් පහළ යනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකතනය කර තිබෙනවා. එමෙන්ම 1970 වසරේ සිට අඛණ්ඩව පැවැති චීනයේ උත්තරීතරම බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනය මෙවර කල්දැමීමට එරට රජය තීරණය කර ඇතැයිද සඳහන්. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලට අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉකුත් සතියේ විශේෂ ස්වරූපයක් පෙන්නුම් කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot