උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

ගානියාගේ දුරකතනයට තානාපති රැකවරණ

ගානියාගේ දුරකතනයට තානාපති රැකවරණ

පැහැරගෙන යාමට භාජන වූ බව කියන ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියට අයත් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර වාර්තාව කැඳවීමට අවසර දෙනවාද? නැද්ද? යන  නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා තම සේවාදායකයාට අයත් ජංගම දුරකථනය අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල දුරකථනයේ රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර විශ්ලේෂණ වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සැකකරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ජංගම දුරකථනය තුළ සැකකාරිය විසින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සමඟ පැවැත්වූ සංවාද හා ඇමතුම් ඇතුළත්ව තිබෙන බවත් තානාපති වරප්‍රසාද පනත මෙන්ම වියානා සම්මුතියේ 38 (2) වගන්තිය යටතේ එම ඇමතුම් සදහා තානාපති මුක්තිය හිමිවන බව සඳහන් කළා.

මෙම නීතිමය තත්ත්වය යටතේ අදාළ දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට හැකියාවක් තිබේ ද? යන නීතිමය ගැටළුව මතු වන බවයි විත්තියේ නීතිඥවරයා කරුණු දක්වා සිටියේ.

  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම කරුණ සම්බන්ධයෙන් වූ තම නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

මේ අතර විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින්  ඉකුත් නඩු දිනයේ තම සේවාදායිකාවගේ දරුවන් තිදෙනා සහ මව සිංගප්පූරුවට ගොස් සිටි බව ප්‍රකාශ කළ අතර ඒ බව තහවුරු කෙරෙන ලේඛන ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින රහස් පොලිසියට ගොස් වාර්තා කළ යුතු බවටද අධිකරණය විසින් සැකකාරියට නියෝග කරන ලදී.

අනතුරුව පැමිණිල්ල ලබන 21 වනදා කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද පොලිසියට දැනුම් දුන්නා.



                                                 
                                                   

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot