මහින්ද එරෙහි වූ චන්ද‍්‍රකාගේ යෝජනාව.
2019 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා මැතිනිය ඇතුලු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළා රාජපක්ෂලා පරාජය කරවන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට උදව් කළ යුතුයි කියළා. නමුත් මම ඇතුළු පිරිසක් ඒ යෝජනාවට තදින්ම විරුද්ධ වුනා. මොකද එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන්නේ අහසයි පොළවයි වාගේ. කවදාවත් නොපෑහෙන පක්ෂ දෙකක් යැයි ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (30) ගැටමාන්න ප්‍ර දේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම් පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීම සඳහා අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර එම වැඩ පිළිවෙලේ තවත් අදියරක් ඊයේ පැවැත්විනි.
එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
2015 ජනාධිපතිවරණයේ දී අපි මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට සහාය දැක්වුයේ නැහැ. එතකොට අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. අපි එතුමා වෙනුවෙන් කැප වී මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පරාජය කරන්නට කටයුතු කළා. නමුත් අවාසනාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ මැතිවරණෙන් පරාජයට පත් වුනා. ඊට පස්සේ අපේ පක්ෂ නායකයා වුනේ ජනාධිපති ලෙසින් තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා.
එතුමා ඇතුලු පක්ෂය තින්දුවක් ගත්තා එක්සත් ජාතික පක්ෂය සමග එක් වි ජාතික ආණ්ඩුවක් හදන්නට. ඒක පක්ෂයේ තීරණයක් මිසක් පුද්ගලික තීරණ මත ගත්ත එකක් නොවෙයි. අපි දැනගෙන හිටියා රනිල් වික්‍රමසිංහ එක්කඅ පිට ගමනක් නෑ කියළා. නමුත් පක්ෂය වශයෙන් ගත්ත තීරණයකට එදා අපි හැමෝටම එතග වෙන්න සිදු වුනා. එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු හදනවා කියන එක අපිට ගැලපෙන දෙයක් නොවුනත් අපි එදා පක්ෂය ගත්ත තීරණයට එකග වුනා. කමුත් කාලයක් යනකොට අපිට තේරුණා මේ ජාතික ආණ්ඩුව එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නෑ කියළා.
No comments:
Post a Comment