උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 31 January 2020

අලි බියවද්දන භූත වෙඩිල්ලක්.



අලි බියවද්දන භූත වෙඩිල්ලක්.

රුපියල් 30ක වැනි සුළු මුදලක් වියදමින් තම වගා බිමට ගෙවත්තට පැමිණෙන වන අලින් පන්නා දැමීම සහ වන අලියා ඇතුලුවන බව සංඥා වෙන භූත වෙඩිල්ලක් නිෂ්පාදනය කිරීමට හැත්තෑ හතර  හැවිරිදි ගොවියෙකු සමත්ව සිටී.
ගල්කිරියාගම පලාගල ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචි ඊ .ආර් .කේ .ගුණසිංහ (74)   ගොවි මහතා මෙම අපූරු භූත විල්ල නිෂ්පාදනය කර ඇත.
  වන අලි ගම් වැදීම තම වගා බිමට පැමිණෙන නිසා ගොවින් නිදි වර්ජිතව සිටිති. එමෙන්ම වන අලින් පලවා හැරීම සඳහා රජය නොමිලේ ලබාදෙන අලි වෙඩි  විශාල වශයෙන් පුපුරවා හරියි.   ගුණසිංහ මහතා රුපියල් 30ක වැනි සුළු මුදලක් වියදමින් නිපදවන  මෙම භූත වෙඩිල්ල නිසා වන අලියා ගම්වැදීම තම වගා බිමට ඇතුළු වීම සිදුවනවාත් සමග භූත වෙඩිල්ල පත්තු වේ .එමෙන්ම ගොවියාටද වන අලි එනතුරු මග බලා   නිදි වර්ජිතව නොසිට  නිදා ගැනීමට හැකි බවත් වන අලියා තම වගා භූමියට ඇතුළුවනවාත් සමග භූත වෙඩිල්ල පත්තු වී වන අලියා දිව යන බවත් ගොවියාට අවදි වන බවද මෙම භූත වෙඩිල්ලෙන් සිදුවන බව ගුණසිංහ මහතා කියයි.
මෙම අපූරු භූත වෙඩිල්ල ඕනෑම ගොවි මහතෙකුට නිෂ්පාදනය කර ගැනීමට හැකි බව හෙතෙම පෙන්වාදෙයි. එමෙන්ම එම භූත වෙඩිල්ල නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව ගුණසිංහ මහතා සරලව පැහැදිලි කරදීම ද විශේෂත්වයකි.
කුඩා ගිනිපෙට්ටි දෙකක් රතිඤ්ඤා කීපයක් හෝ  අලි වෙඩිල්ලක් රබර් පටි කිහිපයක් පොලිතින් සොපින් බෑග් කැබැල්ලක් බයින්ඩින් කම්බි කීපයක් මෙම     භූත වෙඩිල්ල නිෂ්පාදනය කිරීම සඳහා යන උපකරණ වේ .
මෙම භූත වෙඩිල්ල  තම වගා බිමේ වටේ  ස්ථාන කිහිපයක රඳවා තැබීමට හැකි බවත් අලියා තම වගා බිමට ඇතුළු වෙනවාත් සමඟ  කුඩා කම්බිය අලියාගේ ස්පර්ශ වීමත් සමඟ ස්වංක්‍රීයව එල්ලා ඇති භූත වෙඩිල්ල  හතර වටේ පත්තු වීම සිදුවෙන බව හෙතෙම පෙන්වා දුන්නේය .
ගොවීන්ගේ වගා බිම් ආරක්ෂා කරගැනීම සඳහා තම දැනුම නොමිලේ ලබාදීමට හැකි බවත් එමගින් වන අලින්ට ජනතාවට කිසිදු හානියකින් තොරව වන අලියා ද පලවා හැරීමට සිදු වන බවත් වන අලින් එළවීම සඳහා විශාල මුදලක් රජයේ වියදම් කරමින් අලි වෙඩි යොදා ගන්නා බවත් මෙම භූත වෙඩිල්ල සඳහා රජයෙන් මුදල් ඉතිරි වී අලි පැන්නීම ට  විශාලම  වෙඩි  දැල්වීමට ඇති අවකාශය ද මගහැරී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.
දිවා කාලයේ මහන්සි වී නැවතත් රාත්‍රියේ වන අලින් එළවීම සඳහා අවදියෙන් සිටින ගොවීන්ට මෙම භූත වෙඩිල්ල විශාල වශයෙන් උපකාර වෙන ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot