උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 26 January 2020

හින්දු සංස්කෘතිය විදහා දැක්වීම උදෙසා කෞතුකාගාරයක් ...


හින්දු සංස්කෘතිය හා හින්දු ජනතාවගේ ඉතිහාසය විදහා දැක්වීමේ අරමුණින් ආරම්භ කළ යාපනය නාවට්කුලි ප්‍ර දේශයේ ඉදිකළ ශිවභූමි කෞතුකාගාරය විවෘත කිරීම ඊයේ(25) සවස යාපනය නල්ලුර් කෝවිලේ ප්‍රධාන පූජක ශ්‍රීලශ්‍රී සෝමසුන්දර පූජතුමන්ගේ ප්‍රධානත්යෙන් සිදුකෙරිණ.
උතුරු පළාතේ හින්දු ජනතාවගේ ඉතිහාසය හා සංස්කෘතිකාංග ආරක්ෂාක කර ගැනීමේ අරමුණින් යුතුව නව කෞතුකාගාරය ඉදිකොට තිබිණ.
යාපනය හින්දු විද්‍යාලයේ හිටපු විදුහල්පති පංචලිංගම් තිරේනීක්කම් මහතාගේ මූලිකත්වයෙන් යාපනය හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය වෛද්‍ය නිමලන් මහේෂන් මහතා ඇතුළු දානපතියන්ගේ පරිත්‍යාගයෙන් කෞතුකාගාරය ඉදිකොට තිබිණ.
දමිළ ජනතාවගේ ඉතිහාසය දැක බලා ගැනීමට මෙරට තුළ ස්ථානයක් නොතිබෙන බැවින් දමිළ ජනතාවගේ ඉතිහාසය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම වෙනුවනේ නව කෞතුගාරය ඉදිකළ බව යාපනය හින්දු විද්‍යාලයේ හිටපු විදුහල්පති පංචලිංගම් තිරේනීක්කම් මහතා පැවසුවේය.
හෙතෙම වැඩිදුරටත් පැවසූවේ යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යයන අංශයේ සහයෝගය යටතේ හින්දු ජනතාවගේ පුරාවිද්‍යා උරුමය සම්බන්ධයෙන් තොරතුරු හා දත්ත ලබා ගැනීම සිදුකළ බවයි.
කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සර් ව ආගමික නායකයින්, දෙමළ ජාතික පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා මහතා,ධර් මලිංගම් සිද්ධාර් ථන් මහතා,දෙමළ දේශපාන පක්ෂ නියෝජිතයින්, ප්‍ර දේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.











No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot