කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට
මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.
කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු
වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා
සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා සිටී.
කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත්
සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වාගැනීමට ගත
යුතු ක්‍රියාමාර්ග සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ.
නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ
හැකියාව ඇත. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයටම
මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැන්නක්
වළක්වාගැනීම සඳහා මජහන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇත.
ශ්‍රී ලංකාවට ඇතුළු වන තොටුපළවල ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් ක්‍රියාත්ම
කර ඇත.
No comments:
Post a Comment