අධිකරණය කෙරෙහි වූ විශ්වාසය බොඳ වෙලා
අධිකරණ තීන්දුවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරන වාතාවරණයක් නිර්මාණය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ආන්දෝලනයට තුඩුදුන් හඬපට කිහිපයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග
මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කර ඇති බලපෑම කොතරම්දැයි එමගින් පැහැදිලි වන බවත්, අගමැතිවරයා පෙන්වා දෙනවා.
පුවත්පත් කතුවරුන් සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඇති වී තිබෙන තත්ත්වය තුළ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමරජය වෙත පැවරී ඇති බවත්, සෑම අධිකරණ තීන්දුවක් දෙසම සැකයෙන් යුතුව බලන තත්ත්වයක් නිර්මාණය වීම ඉතා බරපතල කාරණයක් බවත්, අගමැතිවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද මෙම කාරණය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකළා.
ඔහු කියා සිටියේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු කිරීම සඳහා පියවර ගැනීමේ වගකීම අගවිනිසුරුවරයා සතුවන බවයි.
No comments:
Post a Comment