උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 12 January 2020

රංජන් එක්ක දොඩමළු වූ මහ සෙනගක් ප‍්‍රශ්න කිරීමට කැඳවන ලකුණු.


රංජන් එක්ක දොඩමළු වූ මහ සෙනගක් ප‍්‍රශ්න කිරීමට කැඳවන ලකුණු.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදවල නිරතවූ විශාල පිරිසකගෙන් ප‍්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්ද ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජේෂ්ඨ පොලිස් අධීකාරී ශානි අබේසේකර, අල්ලස් කොමිෂමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්, පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, යන අයගෙන්ද ප‍්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අවදානය යොමු වී තිබෙනවා. ඇතැම් වාර්තා සඳහන් කළේ විනිසුරුවරුන්, පොලිස් ප‍්‍රධානීන්, රංගන ශිල්පිණියන්, ඇතුළු විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ අවදානය යොමු වී ඇති බවයි.

අපරාධ විමර්ශණ, චෝදනා හා නව්‍ය තොරතුරු අනාවරණ වීම ඇතුළු කාරණා කිහිපයක් මත පදනම්ව ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෙම විමර්ශනය සිදුකිරීමට නියමිත බවද පොලිස් ආරංචි හා ඇතැම් වාර්තා සඳහන් කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot