උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 24 January 2020

රත්නපුරට ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක්.

රත්නපුරට ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක්.

රත්නපුරේ ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාල මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවත්, එහි මූලික කටයුතු මේ වසර තුල ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඕපනායක ප්‍රදේශයේ (21)පැවති ජන හමුවකදීය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජ්පක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ ජනතාවට ස්තූතිය පුද කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබිණ.

එමෙන්ම මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ තාක්ෂනය උපරිම වශයෙන් දායක කර ගනිමින් මැණික් කර්මාන්තය වඩාත් උසස් කර්මාන්තයක් බවට පත්කිරීම ජනාධිපතිවරයාගේ අභිලාශය වී ඇති බවයි. මැණික් කර්මාන්තයේ නිරත සුලු කර්මාන්තකරුවන් නගා සිටුවීම එහි මූලික අරමුණ බවද ඔහු පැවසීය.

වට්ටි, කූඩ යොදාගෙන මැණික් කරමාන්තයේ යෙදී සිටින ජනතාව, නිරන්තර පොලිස් වැටලීම් හේතුවෙන් පීඩාවට පත්වීමේ තත්ත්ව පිලිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කල බවත්, එම තත්ත්වය කඩිනමින් විසදෙනු ඇති බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ කුඩා පරිමානයෙන් මැනික් කර්මාන්තයේ නිරතවන් ජනතාවට බාධාවකින් තොරව එම කටයුතු සිදු කරගැනීමට නිදහස තිබිය යුතු බවයි.

ගවේෂණාත්මකව හා තාක්ෂණයට මුල් තැන දෙමින් රටේ ගැටලු විසදීමට රටේ නායකයා පලදායී ක්‍රමෝපායන් සලසමින් සිටින අවස්ථාවක රටේ විපක්ෂය, සිල්ලර සටන් පාඨවලට මුවාවී ජනතාව මුලා කරමින් සිටින බවද හෙතෙම කීය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ වත්මන් හැසිරීම තවත් පාර්ලිමන්ට් ජෝක්ස් පිටපතක් පමනක් බවට පත්වීම ඒකාන්ත කාරනයක් බවද ප්‍රේමලාල් ජයසෙකර පැවසීය. 

දේශගුණික විපර්යාස, සැපයුම් හීනතාව, කූඨ ව්‍යාපාර වැනි හේතු හමුවේ ඇති වී තිබෙන බඩු මිල පිලිබඳ ගැටලුවට විද්‍යාත්මක විසදුම් ලබා දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතැයිද එම විසදුම් ලැබුණු දිනයේ ජනතාව මුලාකිරීමට සටන් පාඨ සොයන එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂට එලොව පොල් පෙනෙනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot