උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 29 January 2020

කොරෝනා ගැන අලුත් හෙළිදරුව්වක් - බිය නොවන ලෙසත් උපදෙස්


කොරෝනා ගැන අලුත් හෙළිදරුව්වක් - බිය නොවන ලෙසත් උපදෙස්.

කොරෝනා වෛරසය කුඩා වවුලන් විශේෂයකින් මිනිසාට සම්පේ‍්‍රෂණය වී ඇති බව මේ දක්වා සිදුකළ පර්යේෂණවලදී අනාවරණ වී ඇතැයි ශී‍්‍ර ලාංකික මහාචාර්යවරයෙකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ මහජනසේවා පර්යේෂණ ඒකයේ වෛරස්වේද පිළිබඳ ප‍්‍රධානී මලික් පීරිස් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වුහාන් නගරයේ මත්ස්‍ය වෙළඳසැලක් ආශි‍්‍රතව මෙම රෝගය මුලින්ම ආර්ම්භ වී ඇති බැවින්, වව්ලන්ගෙන් එම වෛසය මිනිසා වෙත සම්පේ‍්‍රෂණය වූයේ කෙසේදැයි අනාවරණ කර ගැනීමට මේ වන විට පරීක්‍ෂණ සිදුවන බවයි.

මලික් පීරිස් යනු මාරාන්තික සාර්ස් නැමැති රෝගයට හේතු වූ වෛරස් කාණ්ඩය විද්‍යාත්මකව හදුනාගත් විද්‍යාඥයායි. එම මෙහෙවර අගයමින් මලික් පීරිස් මහතා ආසියාවේ වීරයා ලෙසද නම් කළා. 2006 වසරේදී එම නම් කිරීම සිදුකළේ ජාත්‍යන්තර ටයිම්ස් සඟරාව විසින්.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය පිළිබඳ ලොවපුරා ජනතාව තුළ මහත් තැති ගැන්මක් ඇති වී තිබුණද එය එසේ නොවිය යුතු බවයි මලික් පීරිස් මහතාගේ අදහස වන්නේ.  කොරෝනා වෛරසය සාර්ස් වැනි වෛරස් තරම් ප‍්‍රබල නොවන බවත්, කොරෝනා මරණ අනුපාතය සියයට එක්ක තරම් අවම අගයක් ගන්නා බවද් මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා. එහෙත් සාර්ස් වෛරසයේ මරණ අනුපාතය සියයට 10 ඉක්මවන මට්ටමක පැවැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot