කොරෝනා හමුවේ ලෝක ආර්ථිකය බිඳ වැටෙියි ද ?
කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිිබෙනවා. ඉන්දියාවෙන්, ෆින්ලන්තයෙන් සහ ටිබෙට් දේශයෙන් ද මේ වන විට කොරෝනා අසාධිතයින් හමුවී ඇති බවයි විදෙස් වාර්තා පැවැසුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ්, වෙනත්් රටවලට වෛරසය පැතිරයාමේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.
මෙම තත්ත්වයෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි බවට අමෙරිකාව අනුමාන කර ඇති අතර, එම තත්ත්වය චීන ආර්ථිකයට ද අහිකර ලෙස බලපෑමට හැකි බවත් ඇමරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑමෙන් මේ වසරේ මුල් කාර්තුව තුළ, සිය රටේ ආර්ථිකය වර්ධනය සියයට එකේ සිට සියයට පහක් දක්වා පහත වැටීමට ඉඩ ඇති බව චීනය ප‍්‍රකාශ කළා. වෛරසය පාලනය කිරීම සඳහා ව්‍යාපාරික ආයතන වසා දැමීම ඊට හේතුවයි.
මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ආසියානු කොටස් වෙලඳපොළවලද කොටස් අගය, පහත වැටී තිබෙනවා. මේ තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොලේ රත‍්‍රං මිල සහ බැඳුම්කර අගයන් ඉහළ ගොස් ඇති බවයි විදෙස් ආර්ථික තොරතුරු පෙන්වා දෙන්නේ.
ඇති වී තිබෙන තත්ත්වය තුළ ලොව ප‍්‍රධාන පෙලේ ගුවන් සේවා රැුසක් ද චීන ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. බි‍්‍රතාන්‍යය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය, ඉන්දුනීසියාව, ඉන්දියාව යන රටවල් සහ හොංකොං දේශය එලෙස චීනයට සිය ගුවන් ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් රටවල් කිහිපයක්.
No comments:
Post a Comment