සජිත් එජාපයෙන් වෙන් වෙයි - අලුත් සන්ධානයක්.
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමේ වැඩපිළිවෙලට අදාල මූලික පියවරක් වෙත හෙට දිනයේ අවතීර්ණ වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. පුළුල් සන්ධානයක් සඳහා වූ වැඩපිළිවෙලකට අදාල විශේෂ සාකච්ඡුාවක් අද දිනයේද පැවැති බවයි එම ආරංචි සඳහන් කළේ. එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ලබා ගැනීම පසෙකට දමා රට වෙනුවෙන් සිදුකළ යුතු කාර්යභාරය ඉටුකිරීමට තමන් තීරණය කළ බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතද දැනුම් දී තිබෙනවා. පක්‍ෂ නායකත්වය සහිතව පුළුල් සන්ධානයක් බිහිකිරීමේ වැඩපිළිවෙල පිළිබඳ සිය යෝජනා රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ සජිත් පේ‍්‍රමාදාස මහත් ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට සියළු දෙනා සමඟ එක්ව ජයග‍්‍රාහී මාවතක් වෙත පක්‍ෂය මෙහෙය විය හැකි බවයි.
කෙසේ වෙතත් නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා එකගතාව පල නොකිරීමත් සමඟ සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර ඇත්තේ, එසේනම් රට තමන්ගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය ඉටු කිරීම සඳහා විකල්ප කි‍්‍රයාමාර්ගයක් ගැනීමට තමන්ට සිදුවන බවයි.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම මේ වන විට සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ පැවැත්වෙනවා. සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහු සමඟ සිටින නියෝජිතයින් 40 කු දැන් පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම වර්ජනය කර ඇති බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ. ඒ අනුව සුළු පිරිසක් සහිතව රැුස්වී ඇති කෘත්‍යාධීකාරී මණ්ඩලය සමඟ පක්‍ෂ නායකයා තේරීම සිදුවෙමින් පවතින බව එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.
එමෙන්ම සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා, ඉමිතියාස් බාකිර් මාකර් සහ රෝසි සේනානායක යන අයගේ කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වයද පක්‍ෂ නායකයා විසින් අවලංගු කර තිබෙනවා.
No comments:
Post a Comment