උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 31 January 2020

රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කිරීමේ සූදානමක්.


රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කිරීමේ සූදානමක්.

රාජ්‍ය සේවයට පුහුණු අභ්‍යාසලාභීන් ලෙස සඳහා බඳවාගත් උපාධිධාරීන් හය දහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි. එම අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, එම අභ්‍යාසලාභීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා විශේෂ මණ්ඩල 10 ක් මේ වන විට පත්කර ඇති බවයි.

පසුගිය රජය සමයේ බඳවා ගත් මෙම පිරිස මේ වන විට වසරක පුහුණු කාලය නිමාකර තිබෙනවා. එබැවින් එම පිරිස ස්ථිර සේවකයින් ලෙස බඳවාගෙන කි‍්‍රයාකාරීව සංවර්ධන කාර්ය සඳහා දායකකර ගැනීම රජයේ අපේක්‍ෂාවයි.

එමෙන්ම  රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් තවත් උපාධිධාරීන් පිරිසක් ස්ථිර සේවයේ පිහිටුවීමට අදාළව මූලික සාකච්ඡුා මේ වන විට සිදුවෙමින් පවතින බවත්, ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot