කොළඹ පාසල් 15 ට පොඩි නිවාඩුවක්
72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පෙළපාලිය හේතුවෙන් නිදහස් චතුරශ‍්‍රය හා ඒ ආශ‍්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මකයි. පොලීසිය සඳහන් කළේ පෙබරවාරි 02 සහ 03 යන දිනවලත්, නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 දාත් එම විශේෂ රථ වාහන සැලැස්ම ක‍්‍රියාත්මක වන බවයි.
එම දිනයන්හිදී උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවද පොලීසිය සඳහන් කළා. එබැවින් එම දිනවලදී පොලිසියේ උපදෙස් පරිදි රථවාහන ධාවනය කිරීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
ජාතික නිදහස් දින සමරු උළෙලේ පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 ට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා. ජාතික දින උළෙලේ ආචාර පෙලපාලියේ අවසන් පුහුණු කටයුතු පෙබරවාරි 03 වැනි දින උදෑසන සිට සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම පිණිස නිදහස් චතුරස‍්‍රය ආසන්නයේ පිහිටා ඇති පාසල් කිහිපයකට නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. ඒ අනුව කොළඹ ඞී එස් සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝධරා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, සෙන්ට් බ‍්‍රිජට්ස් යන විදුහල් ලබන 03 දා වසා තැබෙනු ඇති. කොළඹ බාලිකා, කොළඹ ජාත්‍යන්තර පාසල හා වෙස්ලි ජාත්‍යන්තර පාසලද ලබන 03 දා වසා තැබෙනු ඇති.
එමෙන් ම, පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා යන විදුහල්වලට පෙබරවාරි 4 දක්වා නිවාඩු ලබාදී තිබෙනවා.
No comments:
Post a Comment