උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 2 January 2020

තවත් අලි කරදරයක්

තවත් අලි කරදරයක්

දඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා සහා ඉනාමලුව
ප්‍රදේශයන්හිදී ප්‍රධාන මාර්ගය හරහා දිවා රාත්‍රී සැරිසරන වන අලින්
කණඩායමක් නිසා එම ප්‍රදේශය අවට පදිංචි ජනතාව ,රථවාහන
ගමන් කරන මගී ජනතාව මෙන්ම අලි ඇතුන්ගේ ජීවිතද වසර
තුනක පමණ කාලයක සිට අවදානමකට ලක්ව ඇති බව වනජීවී අංශ
සදහන් කරයි.
දිගම්පතහා රජයේ රක්ෂිතයේ කැලිකසල ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානය
අසල සිටින දළ ඇතෙකු අලින් සයදෙනෙකුගේ කණ්ඩාමක් දිනපතා
පෙරවරුවේ හා රාත්‍රී කාලයේදී ඉනාමලුව ඉන්ධන පිරවුම්හල අසලින්
හා දිගම්පතහා නාවික හමුදා කඳවුර අසලින් ඇති මංකඩ දෙකකින්
ප්‍රධාන මාර්ගයට පිවිස මාර්ගය දෙපස වන්නට ඇති මාර්ග උරහිස්
කොටසේ සැරිසැරීම සුලභ දසුනක් බවට පත්ව තිබේ.
මෙසේ සැරිසරන අලින් වරින්වර අවට ගම්ම්නවලට කඩා වැදී
ජනතාවගේ නිවාස හා වගාබිම් වලට හානි කිරීමද නිරතරයෙන්
සිදුවන්නකි.
අවසථා කීපයකදී රාත්‍රී කාලයේ ධාවනය වන වාහනවල ගැටීමෙන්
අලින් හා මගී ජනතාවට බරපතල තුවාල සිදුවූ අවසථා ඇත.
මේ පිලිබදව සිගිරිය වනජීවී අඩවි ආරක්ෂක චන්ද්‍රා බණඩාරනායක
මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ගැටලුවට විසදුම්
අපේක්ෂාවෙන් මාතලේ දිස්ත්රි සම්බන්ධිකරණ කමිටුව,කෘෂිකර්ම
කමිටුව ට මෙබ්න්ම වනජීවී අධ්‍යක්ෂක ජනරල්වරයටද අවස්ථා
කිපයකිදී දැනුම්දී ඇති බවය.

ප්‍රදේශයේ පදිංචි ජනතාව,මගී ජනතාව මෙන්ම හීන් දලයා නමින්
හදුන්වන දළ ඇතාගේ මෙන්ම අලින්ගේ ජීවිතද අනාරක්ෂිතව
පවතින බව කියා සිටියේය.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot