චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 380 ක් කටුනායක ගුවන්තොටුපළට .
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය .
මේ අතර චීනයේ සිට සිසුන් 173 ක් රැගෙන ගුවන් යානයක් 1/28 දින රාත්‍රී හෝ 1/29 දින අලුයම පැමිණෙන බව ප්‍රකාශ කළ ද , එවැනි ගුවන් යානයක් කටුනායක හෝ මත්තල ගුවන් තොටුපළ වෙත මේ වනතුරු පැමිණ නොමැත .
එහෙත් 1/28 දින රාත්‍රී 6.20 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් ද , එදිනම රාත්‍රී 9.05 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් සහ 1/29 දින අලුයම 5.10 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් ද චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් , ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා , ඔවුන්ට තම නිවෙස් වෙත යෑමට කටයුතු සලස්වා තිබේ . එහෙත් ඔවුන්ට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පහළ වුවහොත් , වහාම ඔවුන්ට ළගට ඇති රෝහල වෙත යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට දන්වා තිබේ .
මෙම ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්.
පෙරේරා මහතා මෙසේ පැවසීය . චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳව දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ , නිවැරැදි නොවන ක්‍රමයක් .
මෙම සිසුන් කෙලින්ම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත් , ඉන්පසුව ඔවුන් ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත් , ඔවුන් එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවත් සදහන් කළේය .
එම කාළයෙන් පසුව එම සිසුන් වෙතින් කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් ඔවුන් තම නිවෙස් වෙතත් , එවැනි රෝග ලක්ෂණ ඇති නම් එම සිසුන් අංගොඩ අයි.ඩී.එච්.උණ රෝහල වෙත ගිලන් රථ මගීන් යොමු කළ යුතු බවත් වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා සදහන් කළේය .
මෙය දඩුවමක් නොවන බවත් , ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඕනෑම වසංගත රෝගයක් නිවාරණය කිරීම සදහා මෙය ඉතාමත් යෝග්‍ය බව ද වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය .
මීළගට චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානය 1/29 දින රාත්‍රී 6.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .
No comments:
Post a Comment