උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 21 January 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස් සහ සී.සී.සී (කොළඹ ක්‍රිකට් සමාජය) අද (19 දා) සුදුසුකම් ලැබූහ.
කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරග වලදී රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 33 ක ජයක් ලද හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයද,  එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු දහයකින් සී. සී. සී. කණ්ඩායමද ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ අවසන් මහ තරග වරම උදා කරගත්හ. දෙපිළ අතර අවසන් මහ මෙම මස අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.
අද පැවැති අවසන් පූර්ව තරග වලදී පිතිකරුවන් අතුරින් අර්ධ ශතකයක් රැස් කරමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වූයේ හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ එන්. සී. සී, කණ්ඩායමේ ළහිරු උදානය.  අර්ධ අවසන් පූර්ව තරගයේදීද අර්ධ ශතකයක් ලද කෲස්පුල්ලේ අද දිනයේදී ලකුණු 67 ක් ලබා ගත් අතර උදාන ලකුණු 65 ක් රැස් කළේය.
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ පුලින තරංග ලකුණු 33 ක් ලබා ගනිද්දී අනෙක් ජයග්‍රාහී කණ්ඩායම වූ සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් මලිදු මදුරංග (38) සහ වනිදු හසරංග (33) ලකුණු 30 සීමාව ඉක්මවූහ. පරාජිත කණ්ඩායම් වූ රාගම ක්‍රිකට් සමාජයේ උදාර ජයසුන්දර (35) සහ නිශාන් ප්‍රනාන්දු (33) ලකුණු 39 සීමාව පසුකර යද්දී එන්.සී.සී.කණ්ඩායමේ මහේල උඩවත්තය ලකුණු 23 ක් ලබා ගත්තේය.
පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු රාගම ක්‍රීඩා සමාජයේ උදාර ජයසුන්දර ලකුණු 16ට කඩුලු 4යික් දවා ගනිමින් දිනයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වද්දී හලාවත මේරියන්ස් සමාජයේ පුලින තරංග ලකුණු 18ට කඩුලු 3 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනිණ. එන්.සී.සී. සමාජයේ චාමික ගුණසේකර ලකුණු 23ට කඩුලු 4 ක් සහ කොළඹ ක්‍රිකට් සමාජයේ මලින්ද පුෂ්පකුමාරය ලකුණු 25ට කඩුලු 2 දවා ගත්හ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot