වැල්ලවාය
පොලිස් බලප්‍රදේශයේ වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ දී හෙරොයින් අලෙවි කිරීමට
පැමිනි බවට සැකසීති නගරයේ තරුණයන් විසින් පුද්ගලයකු අල්ලාගෙන ඇත. පසුව මෙම
පුද්ගලයා ඔවුන්ගේ ග්‍රහණයෙන්මිදී නගරය හරහා දිවගොස්නගරය ආසනයේ ඇති
කැලෑබද ස්ථානයකට දිවගොස් ඇත.පසුව තරුණයන්
සහ පොලිස් නිලධාරීන් විසින් එම කැලෑබද ස්ථානය පරික්ෂා කරඇති අතර එහිදී සැගවසිටි මෙම පුද්ගලයා
සොයාගෙන තිබේ.පසුව ප්‍රදේශවාසීන්
විසින් ඔහුට පහරදී අත්බැද පොලිසිය ට භාර දීඇත.ඔහුගේ දුරකථනයට ලද ඇමතුමක් සමගින්මෙම පුද්ගලාගෙන් හෙරොයින් ලබාගැනීමට පැමිනිබවකියන පුද්ගලයකු
ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.
සැකකරුවන්
දෙදෙනා ඌව කුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට
ගත්සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා වැල්ලවාය පොලිස් ස්ථානයවෙත රැගෙනගොස්ඇති
අතර මෙම පිළිබඳව වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.
No comments:
Post a Comment