උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 5 December 2019

මැද පෙරදිග රටවල තානාපතිවරුන් හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මැද පෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පැවසීය.

මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්වල තානාපතිවරුන් එක්විය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ද එක්විය.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot