උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 5 December 2019

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා , විකල්ප මාර්ග භාවිතා කරන ලෙස යටියන්තොට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ප්‍රධාන මාර්ගය අභියස වු ගසක් කඩා වැටිමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය තාවකාලිකව ඇණ හිට ඇති බව යටියන්තොට පොලිසිය පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොටසහ කරවනැල්ල අතර  කබුළුමුල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය අභියස තිබු ගසක් (05) දින පස්වරු 4.15 ට පමණ  පැවති අධික වර්ෂාවත් සහ තද සුලං තත්වයත් සමග ගසක් අධි බලැති විදුල රැහන් පද්ධතියක් මතට වැටි ගස සහ අධිබලැති විදුලි රැහන් පද්ධතිය ප්‍රධාන මාර්ගයට වැටි ඇති එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇණහිට ඇති බවයි යටියන්තොට පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති ගස සහ විදුලි රැහන් පද්ධතිය ඉවත් කිරිමට කටයුතු කර ඇති බවත්, එතෙක් යටියන්තොට මාගම්මන මාර්ගය විකල්ප මාර්ගය වශයෙන් භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් යටියන්තොට පොලිසිය ඉල්ලා සිටියි.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot