උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 6 December 2019

මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගනකාධිකාරිවරයකු ට වසර 367 ක සිරදඬුවම්

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් පෞද්ගලික සමාගමට අයත් රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එම ආයතනයේ සේවය කළ ගණකාධිකාරීවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 367 සිර දඬුවම් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් තීන්දුව ලබා දුන්නා.

සිරදඬුවම් නියම වී සිටින හික්කඩුව ලියනගේ නන්දසිරි නමැති විත්තිකරු මේ වන විට අධිකරණය මගහැර පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 21 ක දඩයක් ද නියම කරනු ලැබුවා.

දෙදහ වසරේ ජනවාරි මස 4 වනදා සහ 2001 වසරේ ජනවාරි මස 3 වනදා අතර කාලසීමාව K Sports නැමති පුද්ගලික සමාගමේ ගණකාධිකාරී වරයෙකු ලෙස සේවය කළ විත්තිකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එම ආයතනයට අයත් රුපියල් 2199130/- ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 19 ක් යටතේ නඩු පවරා තිබුණා.

 නඩු විභාගය අතරතුරදී විත්තිකරු අධිකරණය මග හැර පලා ගිය අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුවප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

මෙවැනි වරදවල් සිදුකරන සමාජයේ සිටින සෙසු පුද්ගලයින්ට ද ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබා දිය යුතු බව සඳහන් කළ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අනතුරුව විත්තිකරුට  මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot