SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 26 November 2019

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඇප මත මුදාහැරේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළා.

මෙම නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම සිදු කෙරුණු අතර පසුව ඔවුන් පෙර ඇපමත මුදා හැරීමටද නියම කෙරුණා.

 විත්තිකරුවන්ගේ  විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා සතියක් තුළ අධිකරණය වෙත බාර දෙන ලෙසද නියම කළා.

පසුව විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවා.

අනතුරුව නඩුව දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම වුණා.

 එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්  ෂම්මි කුමාරරත්න ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකු නම් කර තිබෙනවා.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්  නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.







No comments:

Post a Comment

Post Top Ad