SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 26 November 2019

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පත විභාගයට

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප 
අයදුම්පතක් විභාගයට  කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් දෙසැම්බර් මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිරින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ රහස් පොලිසියේ වාණිජ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාට විනිසුරුවරයා විසින් නොතීසි නිකුත් කළා.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඇප පෙත්සම දෙසැම්බර් මස 17 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළා.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළා.





No comments:

Post a Comment

Post Top Ad