උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 22 November 2019

මත්පැන් ප්‍රධාන මාර්ගය දිගේ ගලා යයි.

මස්කෙලියේ සිට නොර්වුඩ් දක්වා මත්පැන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකින් මත්පැන් බෝතල් සියයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගයට වැටිමෙන් එම මත්පැන් බෝතල් කැඩි මත් පැන් ප්‍රධාන මාර්ගය දිගේ ගලා ගොස් ඇති බව වාර්තා වේ.මස්කෙලිය හැටන් ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය රෝහල අසලදි මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ පිටුපස දොර විවෘත වි මත්පැන් සහිත බෝතල් සහ මත්පැන් රහිත හිස් බෝතල්  පෙට්ටි 12 ක් පමණ ප්‍රධාන මාර්ගයට වැටි එම බෝතල් ප්‍රධාන මාර්ගයේම බිදි ගොස් ඇත.අද (22) පස්වරු 3.30ට පමණ මත්පැන් බෝතල් සහිත පෙට්ටි ප්‍රධාන මාර්ගයට වැටි බිදි යාමත් ප්‍රධාන මාර්ගය බෝතල් කටු වලින් විසිරි තිබුණි.
පසුව ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා විසින් ප්‍රධාන මාර්ගය අභියස විසිරි තිබු බොතල් කටු ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ විනාඩි කිහියකට ඇණ හිට තිබු ගමනා ගමන කටයුතුද යලි යථා තත්ත්වයට පත් විය. 














No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot