වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම්
පිරිසක් විසින් පතුරවමින් සිටින බව බොහෝ දෙනෙක් මගේ
අවධානයට යොමු කර තිබේ.
එවැනි සිදුවීමක් සිදුවූයේ නැත.
20 වන දා පැවති එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී
එළැඹි පොදු තීරණය වූයේ මහජන නියෝජිතයනට ස්තුති කිරීම
සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 21 වන දා සිරිකොත මන්දිරයේ
දී පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු
බවයි.
ඒ අනුව සියළු පාර්ශවයන් වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු
කෙරිණි.
එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකථන
සංවාදයේ දී එතුමා දැනුම් දුන්නේ සමහර කණ්ඩායම් වෙත
පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන්
වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදන බවය.
සියළු කටයුතු සිදුවූයේ ඒ එකඟතාවය අනුවය.
No comments:
Post a Comment